නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් අවධාරණය කරයි.
මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බව ත්‍රිරෝද රථ සංගම් සඳහන් කර ඇත.
ඊයේ (31) රාත්‍රියේ සිදුකළ ඉන්ධන සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 348කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 10කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 375ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.