පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරගය DLS ක්‍රමවේදය අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 141කි.

පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාව පන්දුවාර 11යි පන්දු 02ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 100ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.

ඒ අනුව DLS ක්‍රමවේදය අනූව ඔස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමිවිය.

මේ අතර මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී  හැට්ට්‍රික් එකක් ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද (21) පත්විය.

මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් T20 ජාත්‍යන්තර තරගයකදී එවැනි දස්කමක් දක්වා සිටියේ බ්‍රෙට් ලී පමණි.

Leave a Reply

Your email address will not be published.