ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට තද වැසි – පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

ඒ අනුව මෙතැන් සිට ඉදිරි පැය 24 ක කාලය තුළ තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය – දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි අවධානමක් ඇති බවට අනතුරු අඟවනු ලැබේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් අවශ්‍ය සූදානම් වීම් සහ පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *