පසු බැස්විය නො හැකි ගාලුමුවදොර අරගළය

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන තෙක් ගාලු මුවදොර අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගාලු මුවදොර අරගලකරුවන් පවසනවා.
ගාලු මුවදොර අරගලය අද (21) ක්‍රියාත්මක වන්නේ 104 වැනි දිනට යි.
මේ අතර, ගාලු මුවදොර අරගල භූමියේ දී ඊයේ විරෝධතාවයක් ද පැවැත්වුණා.
විරෝධතාකරුවන් එහි දී ඉල්ලා සිටියේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු තම ඉල්ලීම ක්‍රියාත්මක වන තුරු අරගලය ක්‍රියාත්මක වන බව යි.
මේ අතර, ඇඹිලිපිටිය නගරයේ ඉදිකර තිබූ ගෝඨා ගෝ ගම අරගල භූමියට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ මෙම පහර දීම සිදුව ඇති අතර, එහි දී එක් අයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.