ජල ගාස්තු සැප්තැම්බර් මස පළමුවැනිදා සිට වැඩි කෙරේ. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේයContinue Reading

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවලදී චීනය සැමවිටම සහාය දක්වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපතිවරය‍ා මේ බව සදහන් කළේය.  යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය චීනය සහ ශ්‍රී ලංකාව නිසි ලෙසContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානයකට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්Continue Reading

රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර ඇත. ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ,රට තුළ සේවයේ නිරතව සිටිය යුතු අවම පාබල භටයන් සංඛ්‍යාව 137,000කින් ඉහළ නැංවීමටය.  ඒ අනුව ඉදිරියේ දී රුසියාවේ සක්‍රීය අවමContinue Reading

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රීයේසස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම්Continue Reading

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා භාවිත කළ මෝටර් රථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අයුරු. ඡායාරූපය – සුදත් නිශාන්ත හමුදාවක පැවැත්මට නායකත්වය මෙන්ම විනය, පුහුණුව සහ දැනුමද අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අනාගතයේදී භූමියේ, ගුවනේ, මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදු විය හැකි බැවින් එවැනි තාක්ෂණිකContinue Reading

ඩෙංගු ආසාදිතයන් 1,500ක් පමණ සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය. එවැනි ආසාදිතයන් සංඛ්‍යාවක් සතියකට වාර්තා වීම රෝගී ප්‍රතිකාර කළමනාකරණය සඳහා තරමක බාධා ඇති කරන බවද ඇය ප්‍රකාශ කළාය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය ඊයේ (25) මේ බවContinue Reading

බැංකු නිෂ්කාෂණ කටයුතු හේතුවෙන් ගොඩබෑම පමා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.මීට අමතරව තවත් ඔටෝ ඩීසල් නෞකාවක් අද රාත්‍රියේ මෙරටට ලගාවන අතර එහි ගොඩබෑමේ කටයුතු හෙට ආරම්භ කෙරෙනවා.බෙදාහැරීම් මෙහෙයුම් වෙනුවෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ මෙහෙයුම් අදContinue Reading

මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙයි.  ඒ අනුව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවනContinue Reading

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා නව ක්‍රමයක් ලබන මස මුල සිට ක්‍රියාත්මක කිරිම කටයුතු කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි  සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට දැනට පවතින දිගු පෝලිම්වලට පිළියමක් ලෙස මෙම ක්‍රමය හදුන්වා දීමට නියමිතය. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සඳහාContinue Reading