ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණි තිබේ. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ ඇත.Continue Reading

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය. ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසටContinue Reading

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. එම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක්Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 30,24,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් තිබී ඇත. ඊයේ (17) දින දහවල් කාලයේ පොළොන්නරුව පොලිස් වසමේ මාඔය, බැඳිවැව ප්‍රදේශයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මනම්පිටිය නිල සුනඛ ඒකකයේContinue Reading

වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගනු ලබන බවය. මේ අතර අංගමුව ජලාශයේද වාන් මට්ටමට ලඟාContinue Reading

ලෝකයේ දෙවැනි විශාලතම රන් ගැනුම්කරු වන ඉන්දියාව, රන් ආනයන බද්ද 15% ඉඳන් 6% දක්වා අඩු කිරීමත් සමඟ නීතිවිරෝධී අන්දමින් රන් ඉන්දියාවට රැගෙන ඒම කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ. එහෙත් ලෝක වෙළෙඳපොළේ රන් මිල විශාල වශයෙන් ඉහළයාම සහ සීමිත සැපයුම නිසා ඉන්දියාවේ රන් ජාවාරම මේ වනවිට නැවතත් ඉහළයමින් පවතින බවContinue Reading

පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරන්නේ නම් එම නීති සම්පාදනයෙන්ද ඵලක් නොවන බවය. ”රට නගන ගුරු පවුර” යන තේමාවෙන් ලංකා ගුරුසේවා සංගමය සංවිධාන කළ ජාතික ගුරු සමුළුව අද (17) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීContinue Reading

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  තීන්දුContinue Reading

අද (17) උදෑසන 6.30ට පමණ වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර, යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණියක් හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරින් මියගොස් ඇත්තේ, කොස්වත්ත ප්‍රදේශයේContinue Reading

ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත විය. පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවර දී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේContinue Reading