කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.Continue Reading

මහියංගණය ගුරුමඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවකි. අදාළ පුද්ගලයාගේ ඥාති සහෝදරියකගේ අවමඟුල් උත්සවයක් අතරතුර පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට සිදුකළContinue Reading

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750ක් පමණ සිටි කඳවුරක සිටි ළමයි පිරිසක් බවය. ප්‍රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්‍රික් පවසා සිටියේ, අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින්Continue Reading

සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි. මේ සඳහා අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය මාර්ගය යොදාගැනීමට තීරණය කරContinue Reading

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාරදෙන දී ඇත. මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හාContinue Reading

හලාවත සිට කොළඹ කොටුව බලා අද (04) පෙරවරුවේ ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් නිසා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබුණි. දුම්රිය නියාමක සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, සංඥා දෝෂ ඇතිවීම වැළැක්වීමට බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවය.Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමටContinue Reading

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ. ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන්Continue Reading

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර තිබේ. එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. බලශක්ති විශේෂඥයෙකු වනContinue Reading

ඊයේ (03) දින මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුවContinue Reading