අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හුංගම පොලීසිය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ පොලිස් භාරයට ගත් ඩීසල් තොගය අධිකරණ කටයුතු සඳහා අම්බලන්තොට පොලිස්Continue Reading

බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව තවමත් නිසි පරිදි සකසා නැතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පවසනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ප්‍රවාහන බලධාරීන් විසින් මේ සම්බන්ධව නිසි පියවර නොගැනීම තුළ බස් රථ ධාවනයද අඩාල විය හැකි බවය. ඇතැම් ප්‍රදේශවල ලංගම ඩිපෝContinue Reading

ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු පයාගල මැටියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවය. සැකකරුවන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනිඅවි දෙකක්, උණ්ඩ 10ක් සහ අත්විලංගුවක් සොයා ගෙන තිබේ. ඔවුන්Continue Reading

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය අද (21) දහවල් නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන්ය. ඒ අනුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල සවස 1.00ට පසුව ගිගුරුම් සහිත වැසි සමඟContinue Reading

ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට අවසර ලබාදීමට ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබේ. ජපානයේ කියෝඩෝ නිවුස් මේ බව තහවුරු කරමින් පවසා ඇත්තේ, පනවා ඇති අවහිරතා තාවකාලිකව ඉවත්කරගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බවය. “අවහිරතා ඉවත් කිරීමට වඩාත්ම ඵලදායී ක්‍රමය ඉරානය සමග සෘජු සාකච්ඡා” බවContinue Reading

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව සිය හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත. ඉරානයේ යුද ශක්තිය බිඳ දැමීම ඇතුළු ජයග්‍රහණ මාලාවක්Continue Reading

රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් මානුෂීය සහ සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන්නක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (21) යෙදී තිබෙන රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, රාමසාන් සමය යනු ලෝකයට ජීවනාදර්ශයෙන් මනුෂ්‍යත්වයේ පාඩම සහ සහෝදරත්වය කියාදෙන සැමරුමක් ලෙස තමා විශ්වාස කරන බවය. ඉස්ලාම්Continue Reading

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසා ඇත්තේ, නව ඇණවුම් සඳහා නොව දැනට නැව්ගත කර ඇති තෙල් සඳහා පමණක් මෙය බලපැවැත්වෙන බවය. කෙසේ නමුත් මෙමContinue Reading

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් 2,500ක දඩයක් සහා මාස 2ක අනිවාර්යය සිරදඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (19) නියෝග කළේය. මෙලෙස අනිවාර්ය සිරදඬුවම් නියමව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොඟයක් ලබා ගත්Continue Reading

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේContinue Reading