QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේContinue Reading

අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු, නිලධාරිනියක් සහ සිවිල් පුරවැසියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත. මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එහි පළමු සැකකරු ලී මෝලක හිමිකරුවෙක්ය. ඔහු, පැමිණිලිකරු විසින්Continue Reading

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු ලබාගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට එම නගර සභාව තීරණය කර තිබේ.  මෙම තීරණය අද (18) පැවති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා  සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, වත්මන් ලෝකයේ පවතින යුදමය හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනතාව විශාලContinue Reading

ශ්‍රී ලංකාව තුළ දේශීය හා විදේශීය පුද්ගලයින් විසින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවට දැනුම් දී තිබේ. ඒ අනුව, මීට පෙරද අධි ආරක්ෂිත කලාපයන් තුළ අවසර රහිතව ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන් වේ. එබැවින්, ශ්‍රීContinue Reading

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය. ඊයේ (17) දිනයේ දී ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබුණි. එසේම, අමෙරිකානු බොරතෙල් බැරලය මිලද ඩොලර් 1.18කින් එනම් 1.23%Continue Reading

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසුවේ මෙම  නිවාඩුව පාසැල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ කේෂ්ත්‍රයටද අදාළ බවය. එමෙන්ම රජයේContinue Reading

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව මහතා පවසයි. අද දෙරණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.Continue Reading

දෙවුන්දරට දකුණු දෙස වු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමට නියමිතව තිබේ. ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදුකළ මෙහෙයුමක් මත මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබීය. යාත්‍රාව සමග එහි සිටි ධීවරයින් 05 දෙනෙකුදContinue Reading

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.  අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන්  දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.  එමෙන්ම ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට මෙන්ම නියාමන අධිකාරියක්Continue Reading

2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණ ලබා දී ඇති සියලු ස්ථානමාරුවීම් අප්‍රේල් මස 02 වන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය පවසයි. ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වීමේ දිනය සඳහන් කර නොමැති සියලු ස්ථානමාරුවීම් අදාළ දිනයේ සිට ක්‍රියාක්මක විය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාContinue Reading