අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ.  පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හිටපු ජනාධිපතිවරයාට වැළඳී ඇති බවට අනාවරණය වී ඇත. එම පිළිකා රෝගී තත්ත්වය මේ වන විට ජෝ බයිඩන්ගේ අස්ථි දක්වා පැතිර ගොස් තිබේ. ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහුContinue Reading

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාටContinue Reading

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 සිට පස්වරු 6.00 දක්වා බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී එම උත්සවය පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයContinue Reading

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී ඔවුන් විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9ක් ලෙස පරාජය කළේය. තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. කෙසේ නමුත් පළමු අර්ධය අවසන්Continue Reading

හෙට (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත. ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ. මාර්ගContinue Reading

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්. වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි  පුද්ගලයෙකු වන අතර, ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.Continue Reading

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (18) දිනය සඳහා  කාලගුණ අනාවැකි නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවය. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝContinue Reading

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට දිනයේ පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව රණවිරු සේවා අධිකාරිය පවසයි. එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කළේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවය. යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතිකContinue Reading

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් අදාළ  CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසය සඳහන් කළේය. ඊයේ (17) රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී තුසිතContinue Reading

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (18) උදෑසන 9.00ට එම නිවේදනය නිකුත් කර ඇත. අදාළ නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී තිබේ. නිරිත දිගContinue Reading