මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වූ අතර එය ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි. අද දිනයේ මෙන්ම අප්‍රේල්  25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසමContinue Reading

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් විය. රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇතිContinue Reading

ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝගකර ඇත. දකුණු කාශ්මීරයේ පහල්ගම් හිදී ඊයේ (22) සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩිතැබීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය මෙම තීරණය ගෙන තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වූ  ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට්Continue Reading

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය හෙට (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත. පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.Continue Reading

ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “ සිරි දළදා වන්දනාවේ“ 06 වැනි දිනය අදයි. අදත් (23) සිරි දළදා වන්දනාව පෙරවරු 11ට ආරම්භ වුණි. දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීම වෙනුවෙන් මේ වනවිටත් බොහෝ පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් දන්සැල් හා පහසුකම් සැලසීමට පාර්ශ්ව රැසක්Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.  ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයටContinue Reading

මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන තිබේ. මාතර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරසක් ඊයේ රාත්‍රී 8ට පමණ බන්ධනාගාරය තුළ කලහකාරීContinue Reading

හලාවත නගරයේ හදිසි ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව “අද දෙරණ” වාර්තාකරු පවසයි. ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාලය තවකාලිකව වසා දැමීමට හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන ඇත.  ගංවතුර තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පැවසීය. හලාවත නගරයේContinue Reading

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ. පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. Continue Reading

කඩවත පොලිස් ස්ථානයට පැමිණ සිර මැදිරියක සිටි සැකකරුවකු බලහත්කාරයෙන් මුදවා ගැනීමට තැත් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ සගයා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට පෙරේදා (21 වැනිදා) නියම කෙරිණි. මහර අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයාගේ සගයාContinue Reading