2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස්  කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත්Continue Reading

ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ දේහය රැගෙන ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (02)  රාත්‍රියේ විරෝධතාවයක නිරත ව තිබේ. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් සිදුකළ බව කියන මෙම ඝාතනයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින්. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි. ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය හිතවතෙකුගේ නිවසේ රැඳි සිටියදී එහි පැමිණිContinue Reading

ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝ දන්තු 1 පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක්Continue Reading

හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ. ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 සිට පස්වරු 9.30 දක්වා පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.Continue Reading

අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේContinue Reading

නව රජය යටතේ අස්වැසුම් දෙවන අදිරයේ අයැදුම්පත් ලබාගැනීමට සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් ඊයේ (02 දා) දින රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි. සති අන්ත නිවාඩුවෙන් පසු ඊයේ (02දා) දින කාර්යාල විවෘත කිරීමත් සමග විශාල පිරිසක් එකවරම මෙසේ පැමිණ ඇත. අයැදුම්පත් නිකුත් කිරීම සඳහා ඉකුත් මස 27 වැනිදාContinue Reading

ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙරට ජනතාව ඔවුන් සතුව ඇති පරමාධිපත්‍ය බලය තුළින් මෙතෙක් කලක් ආණ්ඩු කළ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසුණු බවය.Continue Reading

බුත්තල – කතරගම පාරේ නිරන්තරව සැරිසරන රාජා හස්තියා ගැන බී.බී.සී. ලෝක සේවය ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇත. මේ අලියා බස් රථ හා අනෙකුත් වාහන නවතා ආහාර ලබාගන්නා අයුරු එම ප්‍රවෘත්තියට පාදක වී තිබේ. ටොන් හතරක ශරීරයක් ඇති රාජා පාර වසාගෙන ආහාර ඉල්ලන පුවතට ලොව පුරා බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වා ඇත. වැඩිපුරContinue Reading

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය. මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුවContinue Reading

සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය. සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදුContinue Reading