පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සිදුකළ විශේෂ වැටලීමකදී T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයාගැනීමට සමත්ව තිබේ. වැලිඔය පොලිස් වසමේ කිරිබ්බන්වැව ප්‍රදේශයේදී මෙම පතොරම් ගැබ සහ අංක තහඩු සොයාගත් බව පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.Continue Reading

නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ  සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබේ. නේපාලයේ භූ කම්පන නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ එරට වේලාවෙන් අලුයම 2:51ටContinue Reading

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැ‍නීමට නියමිතය. කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ විය. එය ලබන 21 දක්වා පැවැත්වේ. මේ අතර ඊයේ (27) පැවැතිContinue Reading

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය. හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකය. මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම,Continue Reading

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම්Continue Reading

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලකContinue Reading

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සුරූපී තරුණියක ඇගේ නි‍ෙවස තුළ අබිරහස් ලෙස මියගොස් ඇත. ඇය සිහිසුන්ව සිටින බව සිතා ඇගේ මවුපියන් ඊයේ (26) පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිට ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේContinue Reading

මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද (26) අත්අඩංගුවට ගත්තේය. පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ට මෙම අමානුෂික ප්‍රහාරය එල්ලකර තිබුණි. සිද්ධියට පස්දෙනෙකුගෙන්Continue Reading

යුක්‍රේනයේ විරල ඛනිජ ලබාගැනීමේ ගිවිසුමකට එළැඹීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ අමෙරිකාව යුක්‍රේන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල නැවත ලබාගැනීමේ අරමුණින් ය. ආරම්භයේ දී එම ගිවිසුමට එළැඹීමට යුක්‍රේනය ප්‍රතික්ෂේප කළත් සංශෝධන කිහිපයකින් පසුව ඊට එකඟ වීමට යුක්‍රේනය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඒ යුක්‍රේනය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට අමෙරිකාව අනුමැතියContinue Reading

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අනුව පැය 05කට අධික කාලයක් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශContinue Reading