දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.ප්‍රවාහන,මහා මාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි. නව ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මකContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.Continue Reading

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව සඳහන් කරමින් ඒ මහතාගේContinue Reading

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.Continue Reading

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.  එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය. නව සහල්Continue Reading

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හාContinue Reading

ජනාධිපති ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු සමග විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එක්වන බව අමාත්‍යවරයා පැවසීය. ජනපතිවරයා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බවත් එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදී සමගContinue Reading

ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ. සුරාබදු නිලධාරීන් පැවසුවේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවය. සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත එම වැටලීම සිදුකළේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයකයි. එහිදී ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් එම ආයතනයේ ගබඩා කර තිබූ විදේශීයContinue Reading

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. පොලිසීය පැවසුවේ, යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය. රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වනContinue Reading

මදුරන්කුලිය පොලිස් වසමේ වජිරවත්ත මාර්ගයට හැරෙන හන්දිය අසල පිහිටි බස් නැවතුම්පොළක සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ, මෙම මරණය අද (10) අළුයම සිදුව ඇති බවය. ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදුContinue Reading