බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ සහ මධ්‍යම පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීContinue Reading

සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටය. මෙම මරණය සිදුව ඇත්තේ වැව පාර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් තුළදීය.Continue Reading

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ. මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල්Continue Reading

හයිටි හි ක්‍රියාත්මක අවිගත් කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව, විශේෂඥයින් මත පළකරන්නේ, හයිටි රාජ්‍යය තවත් දුගී බවට පත්වනු ඇති බවය. කැරිබියානු කලාපයේ පිහිටි හයිටි සැලකෙන්නේ කලාපයේ වඩාත්ම දුගී රාජ්‍යය ලෙසයි. හයිටි හි වරාය, ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථාන අවිගත් කල්ලි යටතේContinue Reading

චීන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ දුත පිරිස චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. චීනයේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ දී චීන ජනාධිපතිවරයා සමග මෙන්ම එරට අග්‍රාමාත්‍යවරයා සහContinue Reading

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින දුර්වලතා කිහිපයක් හෙළිදරව් කර තිබේ. විගණනයට අදාළ 2018 – 2022 කාලය තුළ ඉලක්කගත වැටලිම් ප්‍රමාණයට වඩා සත්‍ය වැටලීම් ප්‍රමාණය 74% සිට 56%ක් දක්වා පහත බැස ඇති බව එහි සඳහන් වෙයි. ඒ අනුව විගණකාධිපතිවරයාContinue Reading

අග්බෝපුර 84 ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවකි. ඊයේ රාත්‍රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙසContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට සැකකෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කලක පටන් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේContinue Reading

ඉන්දීය නාවික හමුදාව විසින් අරාබි මුහුදේ දී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉරාන ධීවර යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සමත්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, පැය 12කට අධික කාලයක් පුරා මුහුදු කොල්ලකරුවන් සමඟ පැවති මෙහෙයුමකින් අනතුරුව මෙම මුදා ගැනීම සිදුකර ඇති බවය. සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා අරාබි මුහුදේ යොදාContinue Reading

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එළඹෙන මැයි මාසය වන විට ඒ අනුව එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවදContinue Reading