පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත. හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. චීවරධාරියෙකු අතින් අපයෝජනය වී ඇතැයි වාර්තාවන්නේ වයස අවුරුදු 13ක පිරිමි නිවුන් දරුවන්Continue Reading

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට ලබාදීම සඳහා රහසිගව හෙරොයින් මත්කුඩු රැගෙන ආ බිරිඳක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඇය විසින් සැමියාට ලබාදීම සඳහා කුකුල් මස් පාර්සලයක් රැගෙනවිත් ඇති අතර එහි මස්කටු අතර හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන පැමිණ ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ් බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවContinue Reading

මේ අතර කුඩා දරුවෙක් පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරියක විසින් අපහසුතාවට පත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. මේ පිළිබඳ අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය. එහිදී ඔවුන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊටContinue Reading

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී අද දහවල් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් පැවසුවේ අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවය. කෙසේ වෙතත් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බවද මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත්Continue Reading

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.  විපක්ෂය කථානායකවරයාට චෝදනා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකාContinue Reading

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ 2024 අන්තර් ආගමික සමුළුවට එක්වෙමින් ජනපති මෙම අදහස් පළකළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිContinue Reading

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29) සහ අනිද්දා (29) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන්Continue Reading

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ චෙන්නායි හි රජීව් ගාන්ධි රජයේ රෝහලේදී ඔහු මියගිය බවයි. ඒ අවස්ථාවේ ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බව වාර්තා වෙයි. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ඔහුට පසුවContinue Reading

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාContinue Reading

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු,Continue Reading