එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ඒ බව පැවසීය. එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබේ. එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එමContinue Reading

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු 7.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා  හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වනContinue Reading

ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා අද (22) පස්වරුවේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් මුණ ගැසී සාකච්ඡා කර ඇත. ඒ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේදීය. එහිදී ටී.එම්.වී.පී නායකයා ජනාධිපති රනිල්Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. ඉදිරි පැය 36 සඳහා නි‍වේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය. මාතලේ, අනුරාධපුරContinue Reading

අයි.සී.සී 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “සුපර් 08” වටයේ අමෙරිකාවත් සමඟ පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අමෙරිකානු කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5Continue Reading

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ  මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය. මේ සඳහාContinue Reading

ගල් අඟුරු ප්‍රවාහන ග්‍රීක නෞකාවකට රතු මුහුදේදී හූති මිසයිල ප්‍රහාරයක් එල්ලවන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය එල්ල වී තිබුණේ යේමනයේ හුදෙයිදා වරායට ඔබ්බෙන් වූ මුහුදේදීය. මීට සතියකට පමණ පෙර එල්ල වූ ප්‍රහාරයෙන්, නෞකාව මේ වනවිට සම්පූර්ණයෙන් ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය එල්ලවනContinue Reading

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ. එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි. ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත්Continue Reading

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා අද (21) දිනයේ විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකContinue Reading

හෝමාගම නගරයේ ව්‍යාපාරික ආයතන දෙකක් එක්වී පොසොන් පොහොය නිමිත්තෙන් සුවඳ විලවුන් දන්සලක් සංවිධානය කර තිබුණි. අද (21) උදෑසන හෝමාගම නගරයේදී එම දන්සල පැවැත්වුණි.Continue Reading