හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (18) දිනයේ දී හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැමිණි යාත්‍රා දෙකකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව පවසා තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේවන තෙක් වැඩිදුරContinue Reading

හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවය.  මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.Continue Reading

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද (18) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටි අතර, එහිදී පවසා සිටියේ එම සැකකරුට විරුද්ධව මෙරට අධිකරණවලContinue Reading

මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  මෙලෙස ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි.  පොලිසිය සඳහන් කළේ, මරණකාරිය හා ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක්Continue Reading

වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (17) රාත්‍රියේ තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ පරණකඩේ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.  මියගිය තරුණයා සිය මව, පියා, සහෝදරයින් දෙදෙනා හා මවගේ වැඩිමහල් සහෝදරයා සමග නිවසේ ජීවත්ව සිට තිබේ. එහිදී ඝාතනයට ලක්වූ තරුණයා හා මවගේ වැඩිමහල් සහෝදරයා අතර ඇතිContinue Reading

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමුContinue Reading

ඉරානය කිසිදු ආකාරයක තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් නොමැති බවත්, සමස්ත කලාපය පුරා පවතින යුද ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි. අන්ටාලියා රාජ්‍ය තාන්ත්‍රික සංසදයට (Antalya Diplomacy Forum) සමගාමීව මාධ්‍යවේදීන් අමතමින් නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛාතිබ්සාදේ ප්‍රකාශ කළේ, ඕනෑම සටන් විරාමයක් “ලෙබනනයේ සිට රතුContinue Reading

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න යන අය  ඉදිරිපත් කළ කරුණුContinue Reading

නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් අතුරුදන් වූ තවත් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා දැදුරු ඔයේ ගිලී මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් අතුරුදන් වූ තවත් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතිContinue Reading

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යContinue Reading