මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා තිබේ. කැරට් 3,563ක බරකින් යුතු මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි. ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික්Continue Reading

පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒ අනුව මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී එම බලධාරීන් විසින් සොයාගෙන ඇත. යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එම පිරිස සොයා ඉන්දුනීසියානුContinue Reading

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (17) දිනයේදී පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,314ක් පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයින් 602ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 24ක් බවත් පොලීසියContinue Reading

‘තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩකලපුව, මුණෛක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කටිචෝලෙයි පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු නාගතම්බිරාන් කෝවිල පාරේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමතිContinue Reading

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන මිත්‍ර පාක්ෂික රටවල් 8කට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය යුරෝපා නායකයින් හෙළා දැක තිබේ. එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් සඳහන් කර ඇත්තේ මෙම පියවර සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවය.  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එය පිළිගත නොහැකි තීරණයක් බවත්Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවිය. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටදContinue Reading

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු දකුණු කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17) දහවල් කාලයේදී මරදාන පට්ටියාවත්ත ප්‍රදේශයේදී එම කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් හා විදෙස් රටක නිෂ්පාදිත මෙම රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකුContinue Reading

ඉන්දුනීසියාවේ ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇති බවට එරට  මාධ්‍ය වාර්තා පවසයි. මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කෙරේ.  අතුරුදන්ව ඇති බව කියන අදාළ යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.Continue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව, අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමටContinue Reading

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පොලිස් භාරයට ගත් එම දුම්වැටි සහ බීඩි තොගයේ වටිනාකම රුපියල් විසි ලක්ෂ තිස් අට දහසකට අධික බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. අදාළ සැකකරු අද (17)Continue Reading