උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හැකි ඉක්මණින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුටත් පවසා සිටියේ, මේ වනවිට මහාචාර්යවරුන්ට උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩිකර ඇති බවය. මේ පිළිබඳ වැඩිදුරටත්Continue Reading

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව සමයේ උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් පොලිස් භූමියක පවත්වන ලදී. ශ්‍රී ලංකා පොලිසිය සියළුම ආගම්, ජාතීන් සහ සෑම ජන කොටසකටම සමාන ලෙස ගෞරව කරන බව පසක් කරමින් මෙම ඉෆ්තාර් උත්සවය පවත්වනු ලැබුවේ මාලිගාවත්ත පොලිස් භූමියේ දීය. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් සම්මේලනයේ සහයෝගයෙන් ඊයේ (17) දිනContinue Reading

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදයක් වන,Arcturus ව්‍යාප්තිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය ඔවුනගේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් බවයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, නවතම omicron ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් නැවත ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල නැවත කොවිඩ් නීති බලාත්මක කර ඇති බව සඳහන්.Continue Reading

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසෙම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩිකළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද, නැත්ද යන්නContinue Reading

විදුලි බලය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවාවන් තවදුරටත් අත්‍යවශය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි. ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. ඊට අමතරව තැපැල් සේවය ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ.Continue Reading

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවය. “අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හාContinue Reading

ඇන්දාන මඩලගම ජනපදය ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) එම පුද්ගලයා මියගොස් ඇති බවය. පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුකර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා සැකකරුගේ බිරිඳContinue Reading

‍ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අද (18) උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ලන්ඩන් නුවර විදේශ පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේදී පැවැත්වීමට නියමිත එම සංවාදය සඳහා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහභාගී වීමට නියමිතය. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම උපායමාර්ගිකContinue Reading

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින්Continue Reading

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම් ගතවී තිබේ. එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුවContinue Reading