රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදි පාවෙමින් තිබූ උරයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි පර්සල් හතරක අසුරා තිබූ අයිස්Continue Reading

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු මෙරට සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීයContinue Reading

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම සඳහන් කරන්නේ නව මිල ගණන් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි. සංශෝධිත නව මිල ගණන් හෙට (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.Continue Reading

එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඉල්ලුම සරිලන සැපයුම ලබාදීමේ අපහසුතා මත කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවය. කොළඹ පැවැති මාධ්‍යContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මුල් මාස අටේදී පමණක්  රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි  දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. රාජ්‍යContinue Reading

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරනContinue Reading

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවය. “ඉතා පැහැදිලිව ප්‍රකාශකරනවා. මේ උසස් පෙළContinue Reading

සම්මානිත ප්‍රවීන සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වැනි වියේ පසුවුණි. ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූයේ ඔහු පදිංචිව සිටි ජාඇල නිවාස සංකීර්ණයේදීය. අද පස්වරු 4 සිට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙන බව කලංසූරිය මහතාගේ පවුලේContinue Reading

බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්ට වට්ස්ඇප් සමාජ මාධ්‍ය සහ වෙනත් පුද්ගලික පණිවුඩ යැවීමේ යෙදුම් භාවිත කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. රාජ්‍ය කටයුතු සඳහා එම යෙදුම් භාවිත කිරීමේදී අදාළ මාර්ගෝපදේශ පිළිපදින ලෙසද ඉල්ලා ඇත.  අමාත්‍යවරුන් සහ නිලධාරීන් අදාළ යෙදුම් භාවිත කර පුද්ගලික පණිවුඩ යැවීමේ දී සැලකිලිමත් වියයුතු බවට එම මාර්ගෝපදේශ සඳහන් වෙයි. එමෙන්මContinue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ. අද (01) දහවල් එම අනතුර සිදුවී තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8.7 වීදියගොඩ ප්‍රදේශයේදීය. මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.Continue Reading