ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර්  4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස් තිබුණි. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අදContinue Reading

බොරැල්ල මිහිදු සෙන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී ඇය සතුව තිබී හෙ‍රොයින් ග්‍රෑම් 490යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සැකකාරිය 65 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.Continue Reading

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම වසරේ  ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් 72කදී  මෙම ජංගම දුරකතන ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇත. පොලිස් විශේෂContinue Reading

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි. මින් කිසිදු ලෙසකින් හෝ   මත්තල ගුවන්තොටුපොළ  පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බව ද  අමාත්‍යවරයා සදහන් කළේය. මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයටContinue Reading

අද (27) අලුයම 1ට පමණ හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ  124 කිලෝමීටර් කණුව අසලින් ධාවනය වූ වෑන් රථයක වනඅලියෙකු ගැටී තිබේ. එම අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කෙරුණු අතර වනඅලියා මියගොස් ඇත. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දක්වා ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමේදී වනඅලියාContinue Reading

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එම අවියේContinue Reading

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි මෙහෙයුම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇතැයි පණිවිඩයක් ලැබී ඇති බවය. ඒ අනුව මහනුවර පොලිස් කොට්ඨාසContinue Reading

තමන් භාවිතාකරන Gmail ලිපිනයේ නම වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට  Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටී. ඒ අනුව මෙම නව පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමග දැනට භාවිතාකරන email ලිපිනයට බලපෑමක් නොවන ලෙස පරිශීලකයාට එහි අවශ්‍ය නාමය වෙනස්කිරීමට අවස්ථාව උදාවනු ඇත.Continue Reading

මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැදවූ තරුණයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, එගොඩ උයන සහ පානදුර ප්‍රදේශයේ පදිංචි 18,19,20,21 සහ 22 වයසැති තරුණයින් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. රාත්‍රි කාලයට පැරණි ගාලු පාරේ මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් යතුරුපැදි රේස්Continue Reading

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා අදාළ සෝදිසි මෙහෙයුම සිදුකරනු ලබයි. ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී ඇති බව සඳහන්ය.Continue Reading