පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි මුදලක් අයකර ගැනීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා වූ කාලසීමාව තුළ මෙම වන්දි මුදල් අය කරගෙන ඇති අතර, එකී මුදල් කොළඹ පිහිටි විදේශ කටයුතු,Continue Reading

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නොරෝච්චෝල ලක්විජය බලා‍ගාරයට ගල්අඟුරු රැගෙන එන ‘IVS TRADER’ නෞකාව පුත්තලමට ළගා වී තිබේ. ඒ අනුව අදාළ ආයතන සමග සිදු කරන තත්ත්ව කටයුතු කඩිනමින් අවසන් කර අද (4) පස්වරුවේදී ‍ගල්අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතය. මේ අතර බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේදී ශ්‍රී ලන්කන්Continue Reading

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ අද (04) මැදියම් රැයේ සිට මෙය ක්‍රියාත්මක බවය. ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කරContinue Reading

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හීContinue Reading

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහContinue Reading

අබුඩාබි නුවර සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිට පිටුවහල් කිරීමෙන් පසු අද (03) පෙරවරුවේ කටුනායකContinue Reading

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙමළ මාධ්‍යයේ ප්‍රථමයාවීමට යාපනය, මල්ලාකම් පිහිටි තංගම්මා අප්පාකුට්ටි කණිෂ්ඨ විද්‍යාලයේ සුරේන්දර් සබීන් සිසුවා සමත්විය. එහිදී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 188කි. යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි අදාළ විද්‍යාලයේ දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වු පළමු අවස්ථාව මෙය බව ප්‍රදේශයේ ගුරුවරුන් සඳහන් කරයි. සිය ජයග්‍රහණය සම්බන්ධ‍යෙන් අදහස් පළContinue Reading

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක පැවතුණ ද එම අවදානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ හේතුවෙන් සිය පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේය.Continue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මිරිහාන දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ මිරිහාන දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්වContinue Reading