අද දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (10) දිනට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මධ්‍යම, ඌව සහContinue Reading

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට මැදිවූ බොරැල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණියක් සතු නිවසක් මුදල් විශුද්ධිකරණය යටතේ අද (09) රාජසන්තක කරනු ලැබීය. ඇයගේ ගිණුම්වල ඇති රුපියල් කෝටි 2කට ආසන්න මුදල් සහ ඇයගේ පෙම්වතාගේ ගිණුම්වල ඇති රුපියල් කෝටි 8කට ආසන්න මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරමින් පසුවෙයි. හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් හාContinue Reading

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචනයContinue Reading

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ. පසුගිය 07 වනදා සහ 08 වනදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව අමාත්‍යවරයා වෙත මෙම කැඳවීම සිදුකර ඇත. ඒ අනුව එලෙඹන 13 වන සඳුදා දින අමාත්‍යවරයාට කැඳවීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානවContinue Reading

ඉකුත් වසරේ මාර්තු මස මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති උද්ඝෝෂණවලදී පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් අරගලකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නීතිපතිවරයාට කල් ලබාදුනේය. එම පෙත්සමContinue Reading

රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ. එහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.Continue Reading

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්Continue Reading

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ප්‍රහාර එල්ල කර තිබේ. මීට ටික වේලාවකට පෙර කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්ථාවේ. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේContinue Reading

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. “අද දෙරණ” කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමටContinue Reading

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි. කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණයContinue Reading