මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ.
පසුගිය 07 වනදා සහ 08 වනදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව අමාත්‍යවරයා වෙත මෙම කැඳවීම සිදුකර ඇත.
ඒ අනුව එලෙඹන 13 වන සඳුදා දින අමාත්‍යවරයාට කැඳවීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම අදාළ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ක්ෂේත්රයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් එළඹෙන 10 වනදාට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර ඇත.