ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. “තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න මෙවර තෙත්බිම් දිනයේ තේමාව වේ. තෙත්බිම් දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් සංවිධානය කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා සඳහන් කළේය. “විශේෂයෙන්ම වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන කඩොලාන ආරක්ෂා කිරීම සහContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 28 වනදා ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. මෙම නඩුව අද (01) දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යනContinue Reading

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසින් මෙම පෙත්සම ගොනුකළේය. එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේContinue Reading

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩු තුනටද ඇප ලබාදීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (01) නියෝග කළේය.Continue Reading

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදල් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණි පියතුමන් පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය. “විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇති රටක, 30%කට අධික ජනතාවක්Continue Reading

විදුලි නිෂ්පාදනය සඳහා අද (01) සිට අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි. ඒ අනුව සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා මහජන උපයෝගීතා කොමිසමContinue Reading

ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ. අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දීය. පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණය සහ ගණිකාContinue Reading

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් නූලන්ඩ් මහත්මිය ට සිය ස්තූතිය පළ කර ඇත. මේ අතර ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමට ද නූලන්ඩ් මහත්මියContinue Reading

ගොඩබිම ප්‍රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද උදෑසන 10ට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ආසන්නව බටහිරContinue Reading

2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට  අමෙරිකානු ඩොලර් මිලියන 3,789ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 වසරේදී මෙරටට ලැබී තිබුණි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,491කි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2021ට සාපේක්ෂව 2022දී ප්‍රේෂණ 31.0%ක අඩුවීමක් පෙන්නුම් කළත් 2022 වසරේ අග භාගයේදීContinue Reading