ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට අද (07) අවසර ලබාදී තිබේ. ඉන්දීය ණය ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනයContinue Reading

අද (07) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී තිබේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඇත. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තාContinue Reading

රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහත ගොස් ඇත. මහ බැංකුව විසින් අද(07) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.30 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල  335.75 ලෙස සටහන්Continue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවය. ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකිContinue Reading

කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල ගණේතැන්න ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ. අද (07) දහවල් සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මීගමුවේ සිට මහනුවර බලා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹContinue Reading

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා පවසයි. අද (07) පාර්ලිමේන්තුවේ දී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මෙලෙස රටContinue Reading

කොටහේන ප්‍රදේශයේදී අද (07) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. උසාවියේ නඩු කටයුත්තක් සඳහා පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි කිසියම් අයෙක් විසින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් ඔහුට එම අවස්ථාවේ වෙඩි වැදී නොමැති බව වාර්තා වේ. කවුරුන් විසින් කුමන හේතුවක් මතContinue Reading

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ ඊයෙ 05 පස්වරුවේ කොළඹ දී වැඩසටහනක්පැවැත්වුණා.ඊට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්සරත් ෆොන්සේකායි.එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහනනිර්පාක්ෂික නොවන බවයි.ඒ සමඟමContinue Reading

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඇතුළු 8දෙනෙක් මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නඳුන් චින්තක නොහොත් “හරක් කටා”සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” එලෙස අත්අඩංගුවට ගෙන ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ ද වන බවය. ඇය මැලගාසිContinue Reading

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලීසිය සහ සිවිල් වැසියන් පිරිසක් සමග හටගත් ගැටුමකින් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලැබීය. වීරකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් අත්තනයාල ප්‍රදේශයේ මාර්ගයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී ගැටුම හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගැටුමෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාලContinue Reading