පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර 13,698ක දත්ත ප්‍රමාණයක් ලැබී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ආපදාවට පත් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහContinue Reading

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුරට හසුවූ කොළඹ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වී ඇති කසළ දින 10ක් පමණ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහතා පවසයි. ඒ මහතා පෙන්වා දුන්නේ කොළොන්නාව ප්‍රදේශයේ පමණක් ටොන් 8,000ක පමණ මිශ්‍ර කසළ එක්රැස්වී ඇති බවත්ය, ඒවා දින 2කින් පමණ ඉවත්කිරීමට හැකිවනුContinue Reading

2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2025 නොවැම්බබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4Continue Reading

තායිලන්තය සහ කාම්බෝජය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය ‘අද සවස සිට බලපැවැත්වෙන පරිදි’ අවසන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. සිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් ට්‍රම්ප් මේ බව පැවසීය. “අද සවස සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙඩිතැබීම් නතර කර මා සමග ඇති කරගත්Continue Reading

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22 ක් හා සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි. තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ මෙම ෆේස්බුක් සාදය පවත්වමින් සිට ඇති අතර අද (13) අලුයම් කාලයේදී වැටලීම සිදුකර තිබුණි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ්Continue Reading

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස එම අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගය සඳහා මාර්තු 9වනදා කැඳවනContinue Reading

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා මත මෙම නඩුව ගොනුකර තිබේ.Continue Reading

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.Continue Reading

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මෙම නිවේදනය අද (12) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11 වන තෙක් වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලContinue Reading

බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) උදෑසන ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු මහතා සමත්ව තිබේ. බස්රථය පෙ.ව. 6.35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබියදී බදුල්ල දුන්හිඳ වංගුවContinue Reading