සැප්තැම්බර් 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අංශ දෙකක් යටතේ ඇතැම් භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තාවකාලික ආනයන තහනම ඉවත් කර ඇති බව ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය පවසයි. ඇය මේ බව පවසා සිටියේ අද (29) ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.Continue Reading

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. ඒ අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමිනි. පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ මාලේ නුවරදීය. දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්විය. එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරකContinue Reading

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් ෂැල්ක් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් අද(29) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු විය.  බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වූ අමාත්‍ය සබ්රි මහතා සහ මහ කොමසාරිස් ෂැල්ක් මහතා, මෙරට ආර්ථික අර්බුදයේ පටන් මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය දක්වා වැදගත්Continue Reading

ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු ආබාධ තත්ත්වයක් හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ආබාධ තත්ත්වයකට පත්ව ඇත්තේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාය. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට පසුගිය ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියද අහිමිවිය. කෙසේ වෙතත් පසුව ඔහුටContinue Reading

කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිතය. නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට  මහනුවරට ළගාවීමට නියමිතය. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹContinue Reading

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල්Continue Reading

ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඉහළ දායකත්වයක් පසුගිය මස අපනයන පෙර වසරට වඩා සියයට 10.24 කින් ඉහළ ගොස් තිබේ. එම වර්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙම වර්ධනය සඳහා ඇඟලුම් සහ රෙදිපිළි අපනයන දායකත්වය ප්‍රමුඛවී තිබේ. ඒ වටිනාකම ඩොලර් මිලියන 565.37 කි. එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂවContinue Reading

යුක්‍රේනයේ යටත් කරගත් කලාප 4ක් රුසියාවට ලබන සිකුරාදා එක් කරගන්නා බව රුසියානු බලධාරීන් පවසයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පවත්වන ලද ජනමතවිචාරණයක ප්‍රතිඵල අනුව බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. නමුත් බටහිර රටවල් පවසන්නේ අදාළ ජනමතවිචාරණය පිළිගත නොහැකි බවය.Continue Reading

සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ සඳහා ලබාදී තිබූ කාලය හෙට (30) දිනයෙන් අවසන් වීමට නියමිත අතර එම කාලය ඔක්තෝබර් මස 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේය. දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීContinue Reading

එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් අමෙරිකා ඩොලර් 2,740,498.32 (රුපියල් 1,017,958,100.964) ක් වටිනා හදිසි ඖෂධ ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ ජනතාවට වෙත පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත. තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගයContinue Reading