බංග්ලාදේශයට අන්තර්වාර රජයක්
අර්බුදයට තුඩුදී තිබෙන බංග්ලාදේශයේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා අද (06) අන්තර්වාර රජයක් පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading
අර්බුදයට තුඩුදී තිබෙන බංග්ලාදේශයේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා අද (06) අන්තර්වාර රජයක් පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ. මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙරයි. මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසටContinue Reading
ලෙබනනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ලකර තිබේ. පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙකු මියයාමේ සිදුවීම මුල්කර ගෙන ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට හිස්බුල්ලා සංවිධාන අනතුරු අඟවා තිබුණි. ඊශ්‍රායලය පවසන්නේ සිය “අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය” මගින් රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත්වූ බවයි. හිස්බුල්ලා ප්‍රහාරContinue Reading
රුසියාව විසින් පවරාගනු ලැබූ ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසයි. එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බව යුක්‍රේන හමුදාව පැවසීය. ප්‍රහාරක සබ්මැරීනයක් වන ‘Rostov-on-Don’ 2014 වසරේදී දියත්කර තිබුණි.Continue Reading
2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය, පක්ෂ නියෝජිතයින්ගේ බහුතර මනාපය දිනාගැනීමට අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සමත්වී තිබේ. මේ සමග කමලා හැරිස් අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලනඥවරිය බවට ද පත්වී ඇත. ඒ අනුව ඉදිරි දිනකදී කමලා හැරිස් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ නිල ඩිමොක්‍රටික්Continue Reading
දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි. මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙමContinue Reading
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇත. එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.Continue Reading
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්වContinue Reading
ඊයේ (29) එංගලන්තයේ සවුත්පොර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම සිද්ධියෙන් මියගිය ළමුන් ගණන තුනකි. ඊයේ දහවල් වයස අවුරුදු 17ක් පමණ වූ තරුණයෙක් විසින් එම පිහි ඇනුම සිදුකර තිබුණි. ඔහුව පොලීසිය විසින් නිවසකදී අත්අඩංගුවටContinue Reading
රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 08ක් පීලි පැනීමට ලක්ව ඇති බවය. රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved