නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. වැඩි විස්තර පහතින් දැක්වෙයි.Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබේ. FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත්Continue Reading

ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 22ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය සමග ඇතිවූ ටොනේඩෝ තත්ත්වයContinue Reading

ඉන්දියාව සහ නවසීලන්තය අතර සබඳතා ශක්තිමක් කරගැනීමේ අරමුණින් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු නවසීලන්තය වෙත පැමිණ තිබේ. ඒ, රටවල් තුනක නිල සංචාරයේ ඇයගේ දෙවන අදියර සඳහාය. නවසීලන්තයේ වෙළෙඳ අමාත්‍යවරයා විසින් ඇයව පිළිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ තිබේ. එරට ට පැමිණීමෙන් පසු යූනුස් පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි. ප්‍රංශයේ සිට පැමිණි 84 හැවිරිදි යූනුස්, බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දීමට නියමිතය.   බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනාContinue Reading

දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් විය. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කළේය. ජපානයේ කුශු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී තිබුණි. මෙම භූකම්පනය හේතුවෙන් කුශුContinue Reading

ටේලර් ස්විෆ්ට්ගේ ඊරාස් ප්‍රසංග මාලාවට සමගාමීව ඔස්ට්‍රියාවේ වියානා හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංග තුනම අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. එයට හේතුව එම ප්‍රසංගයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම හඳුනාගනිමිනි. ප්‍රසංග ඉලක්ක කර ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කිරීමට සැකපිට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වී තිබේ. රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පරිවර්ථනය වූ බංග්ලාදේශ විරෝධතා පසුගියදා අවසන් වූයේ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමකට අනුව එරට පාර්ලිමේන්තුව ද විසුරුවාContinue Reading

ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. හමාස් සංවිධානය ඔවුන්ගේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් තෝරා ගෙන ඇත්තේ එම ධුරයේ කටයුතු කළ ඉස්මායිල් හානියේ ඝාතනය වීමෙන් පසුය.ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලය බවත්, ඇමෙරිකාවේ ද සහාය ඊට හිමිවුණු බවටත් චෝදනා එල්ල වීContinue Reading

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇති බවය.Continue Reading