පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා කඩුවෙල ප්‍රදේශයේදී හර්ෂ මදුශාන් ජානක නොහොත් අංජු නමැති අය පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය. කඩුවෙල නාගහමුල්ලවත්තContinue Reading

මේ වසරේ ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබේ. මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. එම විශ්වවිද්‍යාලය විසින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව ඔහුContinue Reading

අඟුලාන පොලීසියේ රාජකාරියට බාධා කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව කාන්තාවන් තිදෙනා හැර සෙසු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. අඟුලාන පොලීසියේ කොස්තාපල්වරයෙකුට පහරදී පළාගිය පුද්ගලයෙකුContinue Reading

විදුලි බිල ඉහළ දැමීම සිදුනොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය කාලයේ සිදුවු පාඩුContinue Reading

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි. ඒ ඇයට පසුගිය දා ඇයට ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීමටය. අදාළ කටයුත්ත අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.Continue Reading

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ  ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවය. හිටපුContinue Reading

Black Cap Movement සංවිධානයට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබෙන අතර ඒ Black Cap Movement සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බවට සඳහන් කරමිනි.පොලිසිය විසින් මෙම වාරණ නියෝගය ඉල්ලා ඇත්තේ තම සංවිධානය විසින් එවැනි කිසිඳු විරෝධතාවයක් සංවිධානය කිරීමට සැලසුම් කර නොමැතිContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. චෝදනා කිහිපයක යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.Continue Reading

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ. නිවේදනයක් නිකුත් කරමින්Continue Reading

කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොලිස් නිලධාරීයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) දිනයේ දී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් ක‍ළේය. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading