ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ ( paris club)සාමාජිකයන් ද හමුවීමට නියමිතව පවතී. ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.Continue Reading

ලොතරැයි පතක මිල ලබන ජුනි මස පළවෙනිදා සිට  රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ලංකාදීපයට  පැවසීය. ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය.Continue Reading

මෙරට මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, පාසල් තුළින් ඩෙංගු පැතිරීම වළක්වා ගැනීමට ගත යුතු සියලු කටයුතු ගත යුතු බවය. එමෙන්ම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 42,000 සීමාව පසුකර තිබේ.Continue Reading

කෙළින්කන්ද සිට මතුගම දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් මාකෙළි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් පස් කන්දක ගැටී මාරක අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එහිදී බස් රථයේ රියදුරා ඇතුළු 9 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර ඉන් පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. ජීවිතක්ෂයට පත්වූ සිසුවාContinue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා ඊයේ (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක නිරතවිය. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීය. එහිදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති අතර මෙරට ගොඩනැංවීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද  සිදුකර තිබේ. මේ වනවිටContinue Reading

මහනුවර මහියංගන මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (09) රාත්‍රියේ මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් පස්කන්දක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ එහි ගමන් ගත් මාස 06ක්Continue Reading

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මුල්ලේරියාව පොලීසිය පැවසුවේ 51 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලීන් අනතුරුව අද පස්වරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය. දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ අතුරුගිරිය ප්‍රදේශයේContinue Reading

ඩයගම නැගෙනහිර වත්ත ප්‍රදේශයේ දී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය මස 25වනදා ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ලකර ඇත. ඩයගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් තොගයක් සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන්Continue Reading

කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බවය.Continue Reading

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපි ඕනෑම අවස්ථාවකදී මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි.” එහිදී විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂContinue Reading