ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ඉදිරියේදී ක්ෂේත්‍ර රැසක භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (01) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා,  “වැඩි වෙනකොට වැඩිකරන වේගයෙන්ම අඩු වෙනකොට අඩු කරන ක්‍රමවේදයක් තිබුණා නම් අපිContinue Reading

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කළේය. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 දක්වාද විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් තිබේ.Continue Reading

පානදුර වෑකඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇගලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබුණි. ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහිContinue Reading

ශ්‍රි ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඊයේ රැස්වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. බලාපොරොත්තුContinue Reading

මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, හෘද රෝග හඳුනාගැනීමට හා ප්‍රතිකර්ම කිරීමට පොරොත්තු ලේඛනයේ රැඳීසිටින රෝගීන් 8,000කගේ පමණ ජීවිත මේ නිසා අවදානමකට ලක්වී ඇති බවය. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම,Continue Reading

එළැඹෙන දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත්Continue Reading

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වී ඇති නිසා  ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදුවන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු නිලධාරීන්Continue Reading

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. විශේෂයන්ම එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මත ගැටුම සමනයබ්වීම ඊට ප්‍රධාන හේතුව බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබේ. සමස්තයක් වශයෙන්Continue Reading

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන ‘සමේ ගැටිති වෛරස් රෝගය’ මේ වනවිට දිවයිනේ පළාත් රැසකටම ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වෙයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එසේම මෙම තත්ත්වය යටතේ වෛරසය ආසාදිතContinue Reading

ආගමික අසමගිය ඇති කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහය 291 (අ), (ආ) අනුව නීතිය දැඩිContinue Reading