මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන හෙට (08) දිනය වෙනුවෙන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක්Continue Reading

වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර ප්‍රමාණයකින්Continue Reading

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. එමෙන්ම අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමටContinue Reading

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (07) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 42ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන්Continue Reading

පූනෑව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. ඊයේ (06) රාත්‍රී කාලයේ මරණකරු ඥාතී නිවසකට පැමිණ සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මරණකරු වයස අවුරුදු 72 ක් වූ පුලස්තිගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.Continue Reading

සමාජයේ විවිධ හේතූන් වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ලක්මිනිContinue Reading

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන ‘පස් දේවා’ (ගම්පහ දේවා) නම් පුද්ගලයාගෙන් හෙළිකරත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ‘වලස් කටා’ සීදුව ප්‍රදේශයේදීContinue Reading

ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා විසින් පාස්කු දින එල්ල වූ  ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දිගින් දිග­ටම සිදු කරන අසත්‍ය ප්‍රකා­ශ­ව­ලට එරෙ­හිව එන්ත­ර­වා­සි­යක් යැවී­මට කතෝ­ලික සභාව තීර­ණය කර තිබෙන බව අග­ර­ද­ගුරු පදවි මාධ්‍ය ප්‍රකා­ශක සිරිල් ගාමිණී පිය­තුමා පැව­සූහ. සිරිල් ගාමිණී පිය­තුමා මේ බව පැව­සුවේ කොළඹ, අග­ර­ද­ගුරු මැඳුරේ ඊයේ (06) පැවති මාධ්‍යContinue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය අද (6) පාර්ලිමේන්තුවටContinue Reading

13 වන ආරක්ෂක සේවා, කරාතේ තරගාවලිය මෙම මස 04 සහ 05 යන දෙදින තුළ පනාගොඩ යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ යුද හමුදා කරාතේ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්. ඩී. සලේ මහතාය. එම තරගාවලිය තුළදී යුද හමුදා ක්‍රීඩකයින් අතිවිශිෂ්ඨContinue Reading