පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.Continue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රිකුණාමලය, කෝකිලායි, චැපල් දූපත සහ බැක් බේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අප්‍රේල් මස 21 වැනි දිනසිට 28 වැනි දින දක්වා කළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළContinue Reading

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කළේය. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිContinue Reading

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත. මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදිContinue Reading

අද (16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එමෙන්ම මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම්Continue Reading

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවිකිරීමේ දෙවන අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) පැවැත්විණි.  හිටපු මැතිඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූContinue Reading

යතුරුපැදි වලින් ගමන්ගන්නා කාන්තාවන්ගේ ගෙලබැදි රන් මාල සොරාගන්නා කල්ලියක් තඹුත්තේගම පොලීසියේ නොවිසදුනු අපරාධ අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත. රාජාංගනය ප්‍රදේශයේදී පැති කණ්නාඩි සහ අංක තහඩු නොමැතිව ධාවනය වූ යතුරුපැදියක් ගැන පොලිස් නිලධාරීන්ට සැක සිතී සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී, එය සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී තිබේ.Continue Reading

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමි එකම මන්ත්‍රි අසුන සඳහා දීපා එදිරිසිංහ මහත්මියගේ නම යෝජනාවී තිබේ. ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර කොළඹ සංවිධායිකාව ලෙස දීපා එදිරිසිංහ මහත්මිය කටයුතු කරනු ලබයි. කෙසේවෙතත් ඇයව එම මන්ත්‍රී ධුරයට නම් කිරීමට පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධයද එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන්Continue Reading

පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි කරමින් කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කළේය.   ඒ, අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේ දී. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකර තිබේ.Continue Reading

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. සිදුකරන ලද දැනුම්දීමක් මත ඔහු අද පෙරවරු 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අවමන් සහගත සහ අසත්‍ය කරුණුContinue Reading