සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි පිරිමි දරුවෙකි.  නිවසේ සොල්දරයෙහි තිබූ වතුර බටයක් ගැනීමට පියා ඊට නැග ඇති අතර එම අවස්ථාවේ දී ඔහුගේ පිටුපසින් පැමිණි දරුවා පහළට වී බලා සිට ඇතිContinue Reading

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන ලෙසත් ලොකෝමෝටිව් ඉංජිනේරු සංගම‍ය ඉල්ලීමක් කර ඇත. එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ රාත්‍රී මුර සංචාර සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී මෙවැනිContinue Reading

තඹලගමුව පොලිස් වසමේ සේනවල්ලි වැවේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි තඹලගමුව, අර්ෆානගර් ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන් වෙයි. අදාළ පුද්ගලයා වැවක මසුන් අල්ලමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත සිහිසුන්ව දියේ ගිලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසා තිබේ. සිද්ධියContinue Reading

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම එළැඹෙන මැයි මස 27 වැනි දින සිදුකිරීමට එම අරමුදලේ විධායක මණ්ඩලය දින නියම කර තිබේ. විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම සිදුකළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යාධාරයක් ලබා ගැනීමට ප්‍රවේශයContinue Reading

තායිලනතයේ බැංකොක් නුවරදී සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම දුම්රිය අනතුර හේතුවෙන් ගිනි ගැනීමක් සිදුව ඇති අතර ඉන් බස් රථයක් සහ ඒ අසල තිබූ වාහන කිහිපයක් ගිනි ගැනීමට ලක්ව ඇත.  කෙසේ වෙතත් අනතුරට හේතුවContinue Reading

කළුතර උතුර ප්‍රදේශයේදී මත්පෙති 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.Continue Reading

හෝමාගම පොලිස් වසමේ පිටිපන දකුණ ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි ළිඳක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. ඒ, ඊයේ (15) උදෑසන හෝමාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීය. මරණකරු අවුරුදු  43ක් වූ මහාලන්ද, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබළෙකි. මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘතශරීරය ඥාතීන් වෙත භාරදී ඇතිContinue Reading

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව පැවසුවේ එම පද්ධතියේ හැසිරීම, වර්ධනය  සහ ගමන් මාර්ගය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන බවය. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්Continue Reading

රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වනවිට රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීට හේතුවී ඇත්තේ ආණ්ඩුව ආනයන අපනයන පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ තමන්ගේ දර්ශනයකින් නොව පිටින් ලැබුණු උපදෙස් අනුවContinue Reading

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331 ඉක්මවා ගොස් තිබේ. මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 331.15ක් ලෙස සටහන් වී ඇත. මෙය 2023 වසරේ දෙසැම්බර් මාසයේ 05Continue Reading