අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ ගොනුකර තිබෙන නඩුවක් ඉවත දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (15) අගවිනිසුරු ප්‍රීති පද්මන්Continue Reading

ශ්‍රී  ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Continue Reading

පවතින වැසි අධික කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 11කට‌ අදියර එක සහ දෙක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මෙම අනතුරු ඇඟවීම් හෙට (15) පෙරවරු 09 දක්වා වලංගු බවය.  ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කරContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර දෙකක් නිකුත් කර තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පුස්තකාලයේදීයි. මේ අනුව රුපියල් 20 සහ රුපියල් 70 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයContinue Reading

ඌරගස්මංහන්දිය රකිනාකන්ද ප්‍රදේශයේ විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබේ. ගසක් වැටීම හේතුවෙන් බිම පතිතව තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මරණකාරිය අසල පිහිටි නිවසකට ගමන් කිරීමේදී මෙලෙස විදුලි සැරවැදී ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මියගොස් ඇත්තේ 74ක් වූ රකිනාකන්ද, ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසියContinue Reading

ලොවම අවධානයෙන් පසුවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීනයේ ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ (Great Hall of the People) මන්දිරයේදී මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ විය. දෙරටේ නායකයින් අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා විශාල මාධ්‍ය පිරිසක් සහ ආරක්ෂක අංශ සූදානමින් සිටින අතර,Continue Reading

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින අතර, ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවContinue Reading

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වෙසෙන බහුසංස්කෘතික ප්‍රදේශවල ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අදContinue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධික‍ාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ. ඒ අනුව මේ පිළිබඳව අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත. 2026 වසරේ අගෝස්තු මස 25 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබා දී ඇති අතරContinue Reading

මෙරට ප්‍රධාන රෝහල් රැසකට අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් (Cath lab – Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු කරමින් සිටී. මෙම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වය,Continue Reading