බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිContinue Reading

රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වනදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 39 වයස් වල පසුවන සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරාContinue Reading

උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුමContinue Reading

පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධව දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාContinue Reading

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවය. මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන 14 වන මහ මැතිවරණය වන අතර, අගමැති ධුරයට පත් ලෝරන්ස් වොන්ග්ගේ පළමු මැතිවරණය ද වනු ඇත. 2020 මහ මැතිවරණයේදී, පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඡන්දවලින් 61.24%Continue Reading

පසුගිය උත්වස සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසයි. වෛද්‍යවරයා පැවසුවේ 13 සහ 14 යන දෙදින තුළ මෙම රෝගීන් ඇතුළත් කර ඇති බවත් ඉන් පුද්ගලයින් 6 දෙනෙකු රෝහලට ඇතුළත්Continue Reading

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.  අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස අසුනේ ගමන් කළ පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන්Continue Reading

මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුරු සිදුව ඇත. අනතුරින් එහි රියදුරු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන් අනුරාධපුරContinue Reading

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණContinue Reading

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය. අනිද්දා දිනයේ සිට ගම්බිම්Continue Reading