අද (04) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ. ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.  වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට බාරවී තිබුණි. සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේContinue Reading

2030 වන විට මෙරට විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කර තිබේ. ඒ අනුව සියඹලාණ්ඩුව මෙගාවෝට් 100 සූර්ය විදුලිබල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භූමි භාගයක් හඳුනාගෙන ඇත.  එබැවින්Continue Reading

මෙරට සෑම පුරවැසියෙක්ම බදු ගෙවිය යුතු බවත් ඊට පුද්ගලයින් මෙන්ම සමාගම්ද අදාළ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ හේතුවෙන් ඩිජිටල් ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට පමණක් බදු පැනවූ බවට ලඝු කර ගැනීම ගැටළු සහගත බවය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්Continue Reading

කුලියාපිටිය පොලිස් වසමේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (03) සවස් කාලයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. කුලියාපිටිය පොලිස් වසමේ පිටදෙණිය ප්‍රදේශයේදී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළු වීම හේතුවෙන් ඉහත පුද්ගලයාට එහි මුරකරු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. එමContinue Reading

‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දීContinue Reading

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  සාකච්ඡා කෙරිණි.  ඒ එම කාරක සභාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගියContinue Reading

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (03) රැස් විය. එළැඹෙන අලුත් අවුරුදු සමයේContinue Reading

2025 මාර්තු මාසයේ පළමු ගනුදෙනු දිනයට කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ අද (03) දිනයේ දී මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.96කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකට ඒකකContinue Reading

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාරියකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. තිස් හය හැවිරිදි තිදරු මවක් වූ විජේසිංහ ආරච්චිලාගේ නිරෝෂා නමැති තැනැත්තියකට මෙසේ දඬුවම් නියම කරනු ලැබීය. මෙම විත්තිකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ  මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවටContinue Reading

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, එම යෝජනාව සඳහා අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා ඡන්දය භාවිතාContinue Reading