සීදූව ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවය. වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මෝටර් රථයෙන් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතරContinue Reading

වයස අවුරුදු 14යි මාස 05ක්වූ දැරියක් මාපිය භාරකාරත්වයෙන් අපහරණය කොට දූෂණය කළ බව කියන ඇගේ 41 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීමට බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. පියෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඉකුත් 25 වැනිදා මාපියන් නිවසේ නොමැති අවස්ථාවක මිතුරෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ ඇතිContinue Reading

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනකContinue Reading

උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය අවසන් වනවිට ටොන් 500ක් දක්වා වර්ධනය වනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ පාලිත නානායක්කාර මහතා,Continue Reading

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.‍ ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට්Continue Reading

සිය මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ. දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය. ඊයේ (26) දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහිContinue Reading

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද ආදර්ශයක් හා දිරිගැන්වීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා විශේෂ ‘X’ පණිවුඩයක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. එම පණිවුඩය “මම,Continue Reading

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කළේය. එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීයContinue Reading

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරායට පැවරී ඇති බලතල ප්‍රකාරව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම්කළ ප්‍රදේශ කිහිපයකට සන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) නිකුත් කර තිබේ. එම ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි මෙය නියෝගය බලපැවැත්වේ. මහජන සාමය පවත්වාගෙන යාමContinue Reading

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබේ. එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටී බරපතළ තුවාල ලබා ඇත.  අදාළ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවContinue Reading