කොවිඩ්-19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇති බව වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් පවසති. කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබේ. වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් විසින් මෙම වෛරසය සොයාගෙන ඇත.Continue Reading

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් සැකකරුවෙකු වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නමැති අයෙක්ය. අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බවContinue Reading

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති බව සඳහන් කරන වැඩබලන පොලිස්පතිවරයා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේContinue Reading

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වනවිට ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ. වයස අවුරුදු 23ක් වන එම කාන්තාව කපුගෙදර ගිම්හානි තරුෂිකා දෙව්මිණි නමැති මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි. ඇය පන්නිපිටිය, 174 මාර්ගයේ සම්බාහන මධ්‍යස්ථානයකContinue Reading

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය. සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවතContinue Reading

ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ඊයේ (20) පැවැති තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 කඩඉම පසුකර යාමට ඉන්දීය නායක රෝහිත් ශර්මාට හැකිවිය. ඒ අනුව ඔහු මෙම කඩඉම පසුකළ ලොව 10වන පිතිකරුවා ලෙසත් එම දස්කම් දැක් වූ 4වන ඉන්දීය පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක්විය. අද තරගයේදී රෝහිත් ලකුණුContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් මාලදිවයිනටContinue Reading

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙයි. ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.Continue Reading

අමෙරිකාව සහ රුසියාව අතර මිතුදම් තරවෙමින් ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර සබඳතා බිඳවැටෙමින් පවතී. එවන් පසුබිමක ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ සෙලෙන්ස්කි යනු මැතිවරණ නොපවත්වා සිටින ඒකාධිපතියෙක් බවටය. ට්‍රම්ප් මේ චෝදනාව කර තිබුණේ ඔහුගේ ටෘත් “truth” සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි. ඉන් අනතුරුව ෆ්ලොරිඩාContinue Reading