මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඉන්දියාවට පළායෑමට උත්සාහ දරා ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරකContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් තවදුරටත් නිල නිවාස භාරදී නොමැති බව වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඇතැම් මන්ත්‍රීවරුන් සිය නිවාසවල භාණ්ඩ ඉවත් කර ගනිමින් සිටින බවය.  නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමට අවශ්‍ය බව දන්වමින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දීContinue Reading

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කළ බැවින්Continue Reading

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට අවස්ථාව ලබා දී ඇති බවය.  ඒ සඳහා වන අයදුම්පත්‍රය ප්‍රාදේශීයContinue Reading

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.  ඔහු යාපනය හිංදු විද්‍යාලයේ ගණින අංශයෙන් උසස් පෙළ හදාරා ඇතිContinue Reading

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේදී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන කියලා. මේ අවුරුද්දෙ පවත්වන්න ප්‍රතිපාදන වෙන්කරලා නැහැ.Continue Reading

මත්‍රීවරුන්ට මෙතෙක් හිමි වූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25,26 සහ 27 දිනවල පැවැත්වීමට නියමිතය, නවක මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේContinue Reading

අද (23) අළුයම කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් බුල්ගමුව ඔයට වැටීමෙන් අනතුරක් සිදු වූ බව පොලීසිය පවසයි. දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජීප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුල සිරවී සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන්Continue Reading

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. රජයේ පාලන මිල වශයෙන් නාඩු සහල් සදහා රුපියල් 220 ක මිලක් නියම කොට ඇති නමුත් මේ දිනවල ගම්පහ ප්‍රදේශයේ වෙළඳසල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ක් වැනි මිලකට අලෙවි කෙරෙන තත්ත්වයක් පවතිනContinue Reading

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ. ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද තෙවන දිනටත් එම කටයුතු සිදු කිරීමට නියමිත බව වේයන්ගොඩ පොලීසිය පැවසීය. එමContinue Reading