ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.  ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගය සමග එක්ව ඇති හෙට්ටිගේ මහතා ඊට අදාළ පත්වීම පසු ගියදා පාර්ලිමේතුවේ විපක්ෂනායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබා ගත්තේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතුContinue Reading

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත  විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා පත්කර ඇත. තල්දුව මහතා නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇත. Continue Reading

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය. රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනාContinue Reading

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිමContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (24) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අමාත්‍ය නිමල් සිරිපාල දContinue Reading

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කරන බවය.Continue Reading

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.Continue Reading

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතය. එමContinue Reading

දේශබන්දු තෙන්නකෝන් මහතා  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  හේතුවෙන්  පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු  ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිවContinue Reading

මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින්  ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය. මෙම නව සන්ධානයේ සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා සහ ලේකම් ජයලාල් නිශ්ශංක යන මහත්වරු කටයුතු කරයි. අපේ සන්ධානය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව මහනුවර ඩෙවෝන් ශාලාවේ දී අද පැවැත්විණි.Continue Reading