දිඹුලපතන කොටගල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එහි සිටි කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ නිවසේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ කාන්තාව කොටගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වෙයි.Continue Reading

අලුත් අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සං‍දේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සොමරත්න විදානපතිරණ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ දැනුම්දීම සිදුකර ඇති බව  වාර්තාවෙයි. රෝහණ බැද්දගේContinue Reading

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකවContinue Reading

සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් මදුරාගොඩ ආඳාපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මෙරට නිශ්පාදනය කරන ලද ගිනි අවියක් මෙලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ මියගොස් ඇති පුද්ගලයා ප්‍රතිකාර සඳහා රිදීගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදිContinue Reading

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවය. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම කැලැන්ඩර් අවුරුද්දට අලුත් වීම සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුන්ට ලැබී ඇති අවස්ථාවන් හීදී අලුත් වන බව සිය අලුත්Continue Reading

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අදහස් පළ කළේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේ හොරණ, ඔළබොඩුව රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ය. එහිදී පොලිස්පතිවරයා සඳහන් කළේ, “අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරContinue Reading

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් ගලහ, නිල්ලඹ යෝගලෙච්චමී වත්තේදී ඊයේ (12) පුද්ගලයෙක් සිය බාල සොහොයුරාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 35 හැවිරිදි ක්‍රිෂ්ණසාමී කරුණානිධි නම් පුද්ගලයෙකි. ඔහුගේ සොහොයුරා වන ඒසුදාසන් තිදරු පියෙකු වන අතර ඔහු කලක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා අනුරාධපුරයේ තනිව ජීවත්වෙමින් සිටි පුද්ගලයෙකි. ඒContinue Reading

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස්Continue Reading

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී තියුනු ආයුධයකින් පහර දිමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ කලක සිටි පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශන වලදි අනාවරණ වී ඇති බවය. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස්Continue Reading

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවේ. අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. ආහාර පිසීමේ නැකත අදContinue Reading