ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.  ඒ අනුව එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) මෙම නියෝගය ප්‍රකාශයටContinue Reading

කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය. කොළඹ සිට දෙනියාය බලා අද (06) අලුයම ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වීContinue Reading

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ.Continue Reading

ශ්‍රී පාදස්ථානය නැරඹීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් අයකරගැනීම අසාධාරණ බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නාහිමි වැඩිදුරටත් සඳහන් කළේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) සිට මෙලෙස මුදල් අයකිරීම ආරම්භ කර ඇති බවය. රජ සමයේ සිට වාරයේ සහ අවාරයේContinue Reading

කිළිනොච්චිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 05 වන දින විරෝධතාවයක් සිදුකර ඇත. මෙහිදී විරෝධතාකරුවන් විසින් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කරමින් විරෝධතාවය සිදුකර ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාව හා පොදු ජනතාව අතර ඇති බැඳීම පිළිබිඹුContinue Reading

උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුවය. සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති අතර, අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා කරමින් සිටින බව ද වාර්තා වේ. අදContinue Reading

රැඳවුම් නියෝග මත රදවා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ලබාදුන් ප්‍රකාශ මත පිස්තෝල ගිනිඅවි දෙකක් සොයාගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු වන ගණේමුල්ල සංජීව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී එම ගිනිඅවි සොයාගෙන ඇති බව සඳහන්ය. මුල්ලේරියාව කුමාරContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 10ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු වේ.Continue Reading

මාතර  දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කළ බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමිනි මුදලිගේ මහතා පැවසීය. අධිකවර්ෂාවත් සමග පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම  නිසා මෙම තීරණය කර ඇත. මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල්වල දරුවන් හා අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වයContinue Reading