කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් තිබේ. විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටියදී එම සිසුවාට හදෘයාබාධයක් වැළදී ඇති බව පවසමින් ඊයේ (07) රාත්‍රියේ රෝහල්ගත කර තිබුණි. කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව අනාවරණය වූ බවය. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කැලණිය සරසවියේ තෙවන වසරේ විද්‍යා පීඨයේContinue Reading

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියනContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති වෙයි. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් දContinue Reading

චැනල් 4 නාළිකාව මගින් ශ්‍රී ලංකාවෙි 2019 වසරෙහි සිදු වු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ව්‍යාජ වාර්ථාමය වීඩීයෝ පටයක් හරහා සිදු කරන ලද හෙලිදරව්ව සම්බන්ධයෙන් ජාතිය ගොඩ නැගීම සහ සංහිඳියාව උදෙසා වූ ව්‍යපාරය විසින් අද (7) වන දින බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහය සහ නිහඬ විරෝධතාවයක් පවත්වා ඇති බවට වාර්තාවේ. මෙහිදිContinue Reading

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළිය භාවිතය සඳහා වරකට එක් අයකුගෙන් රුපියල් 100ක මුදලක් අය කෙරන බව වාර්තා වේ. මේ හේතුවෙන් පුද්ගලයන් ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල මුත්‍ර කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ද මතු ව ඇති බව ජනතාව ප්‍රකාශ කර ඇත. මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ මට්ටමක පවතින බව දContinue Reading

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය. දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්වුණි. කෙසේවෙතත් එම පනතට සහය ලබානොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වීඩියෝව මගින් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයට ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පත්කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේ දී අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනිContinue Reading

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය සඳහා සුදුසු නොවන දොඹකර මෙරටට ගෙන ඒමෙන් රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බව ඊයේ (05) කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ. දොඹකර 06ක් ගෙන්වීම හරහා මෙම ගැටලුව ඇති වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතා පවසයි. කෙසේ වෙතත් සිදුContinue Reading

CHENAL 4 නාලිකාව විසින් නිකුත් කර ඇති විඩියෝව සම්බන්දයෙන් රටට හිතැති ජනතා සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.ඒම නිවේදනය පහත සඳහන් වේ. “CHENAL 4 යනු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අවසාන සටනේ දී යුද අපරාධ සිදු වූ බවට කොටි ඩයස්පෝරාවේ මුදලට බොරු වාර්තා චිත්‍රපට සමාජ ගත කරන මාධ්‍ය අභිසාරිකාවකි.නැවත ජිනීවාContinue Reading

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය, මැල්සිරිපුර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවරහිර වී තිබේ. ඒ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට මාර්ගය අයිනේ තිබූ විශාල කුඹුක් ගසක් කඩා වැටීම හේතුවෙනි. මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.Continue Reading