නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පොලිස් භාරයට ගත් එම දුම්වැටි සහ බීඩි තොගයේ වටිනාකම රුපියල් විසි ලක්ෂ තිස් අට දහසකට අධික බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. අදාළ සැකකරු අද (17)Continue Reading

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.  එහිදීContinue Reading

කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා පැවසුවේ ආනයනික කිරිපිටි මිල අද දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙලෙස කිරී තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළContinue Reading

මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන්, එක් දින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3 ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ පැවසුවේ මඩකලපුව, කුරුණෑගල හා යාපනය ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බවයි. මඩකලපුව එක් දින ප්‍රතිකාර හා පුනරුත්තාපනContinue Reading

බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට අද (14) උදෑසන කාර්යාල පරීශ්‍රයේ බෝම්බයක් ඇති බවත් එහි කාර්ය මණ්ඩලය ඉවත් කරන ලෙස දැනුම්දෙමින් විද්‍යුත් තැපෑලක් ලැබී තිබේ. මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් සුජාතා කුමාරි මහත්මියගෙන් කළ වීමසිමේදී ඇය පවසා සිටියේ, අද උදෑසන පෙරවරු 9.24ට පමණ බෝම්බයක් කාර්යාල සංකිර්ණය තුළ ඇතිContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රජය ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ එහි අවශ්‍යතාව පිළිගන්නා බවත්, 06 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක්විය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝContinue Reading

රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගුරුවරු 23,344ක් ඇතුළුව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන්Continue Reading

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර තිබේ. රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා  මෙලෙස සත්‍යග්‍රහය අවසන් කරContinue Reading

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Alphabet සමාගම මෙලෙස ඉහළම මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙනි. Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුවContinue Reading

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අනතුරින්Continue Reading