පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබෙනවා. පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබෙනවා.එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බවයි අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.මේContinue Reading

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස්රේ යන්ත්‍ර අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කළේ මාස 03කට අධික කාලයක සිට අදාළ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු මතුවී ඇති බවය. මේ හේතුවෙන් රෝගීන්ට දින ගණනක් රෝහල තුළContinue Reading

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතන බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරයි. උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්Continue Reading

මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එම පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංගමයේ හා සමස්ත ලංකා තරුණ සංගමයේ මහ සභා රැස්වීම්වලින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රසාදයක් නොමැති බවද එහිදී ඔහු ප්‍රකාශContinue Reading

එළඹෙන උත්සව සමය අවසන්වන තෙක් වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 සීමාව තුළ පවත්වාගෙන යාහැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පවසයි. එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ, තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසටය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්නContinue Reading

15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමග මාතර තිහගොඩ පොලීසිය තුළ ඊයේ (29) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. එහිදී පොලීසිය තුළට ගිය තරුණියකට එහි සිටි පොලිස් නිලධාරියෙකු පහර දුන් බව පැවසෙන සිද්ධියක් ද වාර්තා වී තිබේ. ප්‍රදේශවාසියෙක් සඳහන් කළේ, “කෙල්ලගේ බෙල්ලට බැටන් පොලු පහරක් එල්ල කළා. පේනවා නේද පොලීසිය.”Continue Reading

ගිනිඅවියක් සහ කඩුවක් අතැතිව නිවසකට ඇතුළුවූ සිව්දෙනෙක් කොල්ලයක් සිදුකර තිබේ. කොල්ලකරුවන් විසින් නිවැසියන් බියගන්වා එසේ නිවසේ තිබූ රුපියල් 10,000ක මුදලක් කොල්ලකා පළාගොස් ඇත. මෙම සිද්ධිය සිදුවී තිබුණේ ඊයේ (28) පෙරවරුවේ කුරුවිට ගලහිටිය ප්‍රදේශයේදීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කුරුවිට පොලීසිය ගලහිටිය ප්‍රදේශයේදී සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කර ඇති අතර එහිදී කොල්ලයContinue Reading

මාතර තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී පොලිස් ගිනිඅවියක් ක්‍රියාත්මක වී තුවාල සිදුවූ දරුවාගේ තත්ත්වය රෝහල්ගත කරන විට සිටි තත්ත්වයට වඩා යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ ඊයේ (28) පස්වරු 4.30ට පමණි. තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින්Continue Reading

තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවීම සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ නියාමන කොමිෂන් සභාවේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ මේ වනවිට ප‍්‍රථිකාර ලබන බොහෝ පාසල් වයසේ පසුවන දැරියන් සහ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය සඳහා හුරුවී ඇත්තේ රූපලාවන්‍යාගාරවලින් බවය. සංඛ්‍යා ලේඛන අනුව වැඩිම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන්නේ කුරුණෑගලContinue Reading

දරුවෙකුට වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව මාතර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එලෙස නොවැම්බර් 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ ඊයේ (28) පස්වරු 4.30ට පමණය. තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියටContinue Reading