මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා කොරල් එනර්ජි සමාගමට අවස්ථාව ලබාදීමෙන් මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 100ක වංචාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා.Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස නම්කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ඒ බව නිවේදනය කළේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා නම්කර තිබේ. ජාතික සභාවේ මීළඟContinue Reading

පාසලක පුස්තකාලයක් තුළදී 12 හැවිරිදි සිසුවියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.  මොරටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ආදර්ශ පාසලක 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී තිබේ. එම සිසුවිය පොතක් රැගෙනඒම සඳහා පුස්තකාලයට ගිය අවස්ථාවේදී පුස්තකාලය භාරව කටයුතු කරන පුස්තකාලාධිපතිවරයා විසින් සිසුවියගේ අතින් අල්ලා ඉන්පසුව හිරිහැරContinue Reading

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය එලෙස හිමිවී තිබේ. මේ සඳහා අනුමතිය හිමිවූයේ විදුලිබල හා බලශක්ති කටයුතුContinue Reading

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගැනීම අපහසු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “එංගලන්තය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු කණ්ඩායමක් අපිට විරුද්ධව අලුත් යෝජනා සම්මුතියක්Continue Reading

නිවසක් ඉදිරියෙන් ගමන් කළ පුද්ගලයෙක් නිවසේ තනිව සිටින කාන්තාවක් දැක ඇය සතුව තිබූ රන් ආභරණ කොල්ලකෑමට උත්සාහ කරන සිද්ධියක් වාර්තා විය. එම සිද්ධිය නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්වී තිබුණි. නිවසේ ගේට්ටුව විවෘත කර මෝටර් රථයක් ඉන් පිටතට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී ඒ අසලින් ගමන් කරන පුද්ගලයෙක් මෙම කොල්ලය සිදුකිරීමටContinue Reading

අධිකරණයට සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කර තිබේ. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අනුව ගොනුකළ නඩුවකටContinue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. අද (05) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්, සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ඔවුන්ට විරුද්ධව චෝදනා ඇත්නම් සාමාන්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසය. “වසන්ත මුදලිගේ, ගල්ගම සිරිධම්මContinue Reading

අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අද (05) සිතාසි නිකුත් කළේය. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වමිනි.  ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර තිබේ. Continue Reading

ගෘහස්ථ ගෑස් මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් වේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි. කිලෝග්‍රෑම්Continue Reading